whatsapp use කරන අපේ යාළුවන්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි මේක. මොකද අපි යාලුවොත් එක්ක හුවමාරු කරගන්න හැමදේම ෆෝන් එකේ gallery එකේ photos විදියට පෙන්වනවා. ඉතින් අපි පෞද්ගලිකව ෂෙයාර් කරන දේවල් මෙහෙම පෙන්නනකොට හැමෝම අපහසුතාවයට පත් වෙනවා. අද මන් ඒකට විසඳුම දෙන්නයි යන්නේ.
මේකට කිසින් අමතර app එකක් ඕන වෙන්නේ නෑ.. ෆෝන් එකේ තියෙන file explorer app එකකින් තමයි මේක කරන්නේ.
1. හරි මුලින්ම යන්න file explorer වල media කියන ෆයිල් එකට.
2. ඒකට ගියාම මේ වගේ පෙනේවි ඔයාලට.
3. දැන් එකේ තියෙන WhatsApp images කියන එක .WhatsApp images කියල rename කරන්න ඕනේ.
4. එකේ තියෙන WhatsApp Video කියන එක .WhatsApp Video කියල rename කරන්න ඕනේ.
හරි දැන් ඔක්කොම. දැන් කරන්න තියෙන්නේ gallery open කරලා බලන්න. ගැලරියේ අදින් පස්සේ whatsapp images / videos පෙන්වන එකක් නෑ. ඔයාලට කරදරයක් වෙන එකකුත් නෑ.
වැඩේ සාර්ථකයි නම් යාලුවන්ටත් share කරන්න..
post by : anupama