අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට ලොකු ප්‍රශ්ණයක්. ඒත් මේ වෙනකොට ටර්කි රටේ 42 හැවිරිදි Celal Göger නම් පුද්ගලයා මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයාගෙන.
ජංගම දුරකථනයේ භාවිත කරන කෙනාට විතරක් ජංගම දුරකථනයේ තිරයේ ඇති දේවල් දිස්වෙන ආකාරයේ අපූරු ගැජට් එකක් මේ පුද්ගලයා නිර්මාණය කරලා. ඔහු කියන විදියට එයා බස් එකේ යද්දි තමන්ගේ ඊමේල් පණිවිඩ බලන අතරේ වටේ ඉන්න අය තමන්ගේ තිරය දිහා බලාගෙන ඉන්න විදිය දැකපු ඔහු මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයන්න පටන් අරගෙන. ඉතින් වෘත්තියෙන් ජංගම දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙක් වූ ඔහු තමන්ගේ අලුත්වැඩියා මධ්‍යස්ථානයට ගිහින් මේ නිර්මාණය කරන්න පටන් අරගෙන.
ඒ අනුව ඕනෑම ජංගම දුරකථනයක්, ටැබ්ලට් උපකරණයක් හෝ ලැප්ටොප් පරිගණක තිරයක් සම්පූර්ණයෙන්ම සුදු පැහැ කර විශේෂ ඇස්කණ්නාඩ් යුගල පැළඳ ඇති පුද්ගලයාට පමණක් එම තිරයේ ඇති දේ නැරඹීමට හැකියාව ලැබෙනවා. ඔහු විසින්ම ක්‍රමලේඛගත කර ඇති විශේෂ චිපයක් ජංගම දුරකථනයට සම්බන්ධ කිරීමෙන් තිරය සුදුපැහැ බවට පත්කරන අතර බ්ලූටූත් හරහා ජංගම දුරකථනය සමඟ සන්නිවේදනය කරන ඇස්කණ්නාඩි යුගලට සම්බන්ධ කර ඇති තවත් චිපයක් මඟින් තිරයේ මත ඇති දේ නැවත නිවැරදි තත්වයට පරිවර්ථනය කරනු ලබයි.

මේ අපූරු ගැජට් එක සඳහා $10කටත් අඩු මුදලක් පමණක් වැයවන අතර කුඩා තිරයක සිට රූපවාහිනී තිරයක් දක්වා ඕනෑම තිරයක් සඳහා සඳහා සහාය දක්වයි. මේ වන විට ඔහු සිය නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන අතර නුදුරේදීම මහා පරිමාණයෙන් නිෂ්පාදනය සඳහා නිකුත් කෙරෙනු ඇත.


ඔබේ පරිගනකය රහසිගතව සම්බන්ධ වී සිටින්නේ කුමකටද යන්න පරික්ෂා කර බලන ආකාරය.

netstat විධානය භාවිතා කරමින් අපිට පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්. මෙම ක්‍රමය windows 7, vista, සහ xp මෙහෙයුම් පද්දති වල සාර්ථකව ක්‍රියාත්මකව වෙනවා. 

මෙමගින් අපිට හැකියාව තිබෙනවා යම් කිසි විශේෂිත කාලයක් තුල පරිගනකය සම්බන්ධ වී සිටින්නේ කුමන වෙබ් අඩවි වලටද සහ අන්තර්ජාලය භාවිතා කරන්නේ කුමන මෘදුකාංගද යන්න ඇතුළු ලැයිස්තුවක් සකස් කරගැනීමට. මෙම විධානය භාවිතා කිරීම සඳහා ඔබ command prompt එක administrator අවසරය ඇතුව run කල යුතු වෙනවා. start menu එක විවුර්ත කොට search box හී "cmd.exe" යනුවෙන් type කර search result එක පැමිණිය පසුව ඒ මත right-click කර "run as administrator" යන්න තෝරන්න. 


command prompt වින්ඩෝ එක පැමිණිය පසුව පහත තිබෙන විධානය ඒ ආකාරයෙන්ම type කර enter ඔබන්න. 

netstat -abf 5 > activity.txt
දැන් එම විධානය ඇතුලත් කර enter කල පසුව විනාඩි දෙකක පමණ කාලයක් සිටින්න මොකද එම කාලය තුල පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබෙන සියලුම සම්බන්ධ තාවයන් පටිගත කරනවා. විනාඩි දෙකක පමණ කාලයක් ගත වී ගිය පසුව Ctrl+C එක වර එබීමෙන් පටිගත වීම නවත්වන්න. 

දැන් ඔබ සියලු දත්තයන් පටිගත කරගෙන ඉවරයි. එම ප්‍රතිපලය දැකගැනීම සඳහා command prompt එකේම activity.txt යනුවෙන් type කර enter ඔබන්න. දැන් විවුර්ත වූ text file එකේ සියලුම විස්තරයන් අන්තර්ගත වී තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. 

විනාඩි 2ක කාලය තුල අන්තර්ජාලය හා සම්බන්ධ තාවය පැවැත්වූ වෙබ් බ්‍රව්සරයද ඇතුලත්ව සියලුම මෘදුකාංග වල ලැයිස්තුවක් ඔබට එහි දැකගන්න පුළුවන්. ඒ අතර ඔබට හුරු පුරුදු නොමැති වෙබ් අඩවියක ලිපිනයක් තිබෙනවානම් google හී පරික්ෂා කර බලන්න. එම වෙබ් අඩවිය අහිතකර එකක් යැයි ඔබ සිතනවානම් එයින් වැළකීම සඳහා විසඳුම google හී පරික්ෂා කර බැලීමෙන්ම සොයා ගන්න පුළුවන්. 


ඉහත සඳහන් කල පරිදි malware, spyware සහ adware වගේ වෛරසද අන්තර්ජාලය භාවිතා කරනවා වෙන්න පුළුවන්. එවැනි සැකකටයුතු ක්‍රියාකාරීත්වයක් ඔබ දුටුවොත් දැනගන්න එය වෛරස බලපෑමක් බව. ඒ සඳහා විසඳුමක් වශයෙන් හොඳ ප්‍රතිවෛරස මෘදුකාංගය ස්තාපිත කරගන්නට පුළුවන්. නැතිනම් පරිගනකය සම්පූර්ණයෙන් ෆොර්මැට් කර අලුතෙන්  මෙහෙයුම් පද්දතිය පිහිටුවා ඒ සමගම ප්‍රතිවෛරස මෘදුකාංගයක්ද අලුතෙන් ස්ථාපිත කරගන්න.
CurrPorts භාවිතයෙන් පහසුවෙන්ම මෙය කරගැනීම. 


ඉහත ක්‍රමය නම් තරමක්  සංකීර්ණ manual ක්‍රමයක්. නමුත් CuurPorts කියන මෘදුකාගයෙන් පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්. එය නොමිලේම ලබා ගන්න පුළුවන් portable මෘදුකාංගයක්. එම නිසා install කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පිළිබඳව වැඩි වශයෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේ මගින් මෙය කරගැනීම ඉතාමත්ම පහසුයි. එම මෘදුකාංගය පහතින් බාගන්න. 





යාලුවටගේමක් දෙන්න නියම භාණ්ඩේ..... 
වැඩිදෙයක් කරන්න නැහැ කරන්න තියෙන්නේ මෙච්චරයි මම පොඩි auto run file දෙකක් දෙනවා.ඒක පෙන් එකක්ට දාලා ඔයාගෙ යාලුවගේ කම්පියුටර් එකට හෝ වෙනත් එකකට සම්බන්ධ කරලා auto run file එක run කරන්නවන්නයි තියෙන්නේ.

පොඩි වීඩියෝ එකකුත් හැදුවා .මේක බලලම තේරුම් ගනිල්ලා 



ඊට පස්සේ  නොට්පෑඩ් ෆයිල් ටිකක් තියෙවි ඒවා Open කරලා බලන්න.
 Auto Run File Download
මෙතනින් 
වැඩිහරි ගියා නම් කමෙන්ට් එකකුත් කොටාගෙන පලයල්ලා 




සැම්සුන් වෙතින් ස්මාර්ට් ෆෝන් වලට අලුත් ගැජට් එකක් හදුන්වා දුන්නා.ඒ තමයි Gear IconX එක.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන ස්මාර්ට් උපා‍ංග සදහා රැහැන් රහිත Ear Phone උපාංගයක් සැම්සුන් හදුන්වාදුන්නා. 


බ්ලුටූත් තාක්ෂණය බාවිතා කරමින් කන් දෙකටම සෙට් වෙන ear phone 2kඇතුලත් වේ. Recharge කලහැකි මෙය ඇමතුම් වලට සවන්දීමට පමණක් නොවMusic Player එක මගින් ගීත අසන්නටත් පුලුවන්. මෙහි ඇති බටන් එක එකවරක් Tap කිරීමෙන් Play කිරිමටත් දෙවරක් Tap කිරීමෙන් Next කිරිමත් තුන්වරක් Tap කිරීමෙන් Back කිරීමටත් පුලුවන්. volume අඩුවැඩි කිරීමට ඉහලට සහ පහලට swipe කරන්න ඕනෙ. බලන්න හදුන්වාදෙන වීඩියෝව.


වැඩි විස්තර මෙතනින් 


පහල තියනවා ඡායාරූප කිහිපයක්.






Google සමාගම තවත් අලුත් වැඩකට අතගහලා තියෙන්නේ. ගොඩක් දුරට එයාලා මේ අලුත් වැඩේ අවසන් කරලා තියෙන්නේ.
Viber,Skype විතරක් නෙමේ Facebook එකෙනුත් දැන් වීඩියෝ call ගන්න පුළුවන් නේ. ඉතින් මේ හැමෝම කළ මේ වැඩේ බලන් ඉඳලා ඉඳලා Google එක වීඩියෝ Call ගන්න සුපිරි App එකක් හදලා.
වීඩියෝ Call එක එන කෙනාට Answer කරනකන් එහා පැත්තේ Call කරන කෙනා කරන දේ පෙනෙන එක මෙහි ලොකුම විශේෂත්වය.
ඒ විතරක් නෙමේ මේ App එකෙන් වීඩියෝ Call එකක් ගන්නකොට හොඳටම පැහැදිලිව පේනවා. මේ App එකේ නම Google Duo
ලොකු තාක්ෂණයක් ඇතිව Google හදපු මේ App එකට ඉක්මනටම දැන්ම ඔයාලත් රෙජිස්ටර් වෙන්න පහත ලින්ක් එකට යන්න.
gooe duo

  • 3:08:00 PM
  • Anonymous

තවම Ingress ගැහුවෙ නැද්ද..?  නැත්නම් මේ සුපිරි ගේම් එක ගැන අහුවෙත් අද ද..? Pokémon Go අහලා තියනවා නේද...ඔව් අන්න ඒ වගෙ ගේම් එකක් තමයි මෙන්න මේක..හැබැයි මේක Pokémon Go වලට වඩා පරණයි.ගේම් දෙකේම නිර්මාතෘ එකම කම්පැණි එකක්.ඒ තමයි Niantic Labs.ගේම් එක මුලින්ම රිලීස් උනේ 2012 දි.
මේක ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනවා.

මේක Real World Reality Game ගේම් එකක්.සරලවම කිව්වොත් GPS පාදක උනු ගේම් එකක්..GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න..


විස්තර කරනවට වඩා මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්නොකෝ..

මේකයි කතාව,පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ තැන් වලින්ලු. ඒව හදුන්වන්නේ Portals කියලා. ඒව හොඳයි ඒකෙන් මිනිසා දියුණු වෙනව කියල විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නව. එයාලට කියන්නෙ Enlightened කියල. ඒකට විරුද්ධ, ඒක අනතුරුදායකයි කියන තව කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ Resistance කියල. 

ඉතින් ගේම් එකේදි කරන්න තියෙන්නෙ මේ පිල් දෙකෙන් එකක් ඔයාලත් තෝරාගෙන ඒ පිලේ අභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරන එකයි. මුලු ලෝකෙටම තියෙන්නේ පිල් දෙක නිසා තමන්ගේ පිල වෙනුවෙන් සටන් කරන්න ලෝකයෙ ගොඩක් රට වල අය ඉන්නවා..

මේ වීඩියෝ එකෙනුත් ඔයාලට මේ සුපිරි ගේම් එක ගැන් අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.



අර කිව්ව Portals තමන්ගෙ පිලට නතු කර ගැනීම, ඒවා පවත්වාගෙන යාම, විරුද්ධ පිලේ Portals වලට පහර දීම, එවා අල්ලා ගැනීම සිට තව ලොකු වැඩ තියෙනව. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සෙල්ලම් කරන්න ඕනෙ ගේම් එකක්. හැමෝම එකතු වෙලා මේ ගේම් එකේ කරන්න තියන වැඩ කෝටියයි.
හැබැයි මේක ගහනව නම් ඒ ඒ තැන් වලට යන්නම ඕනෙ. ඒ කිව්වෙ Portals වලට පහර දෙන්න, අල්ලා ගන්න, ඒක තියෙන තැනට යන්නම ඕනෙ. 
ලංකාවේ තවම එතරම්ම ජනප්‍රිය නොවුනත්, ලෝකය පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය හා ව්‍යාප්ත වෙමින් පවතින ගේම් එකක්. ලංකාවේ නම් කොළඹ , නුවර අවට ගේම් එක සෑහෙන්න ජනප්‍රියයි, නමුත් ඉන් පිටත අඩු Portals ගණනක් තමයි තවමත් හැදිල තිබෙන්නෙ..


මුලින්ම මගේ යාලුවො දෙන්නා මේ ගේම් එක ගහද්දි මන් කරේ බැන බැන පස්සෙන් ගියපු එක.ග්‍රැෆික් මදි/මෙලෝ රහක් නෑ/ජරාවක්..ඔය වගේ කුණු කතා කිය කිය මමත් උන් ගේම් එක ගහනවා බලන් හිටියා..ටික දවසක් ගිහින් මට බලෙන්ම වගේ ගේම් එක දාල දුන්න.හයක් හතරක් නොතේරෙන පොඩි එකෙක් වගේ උන් කියන විදියට කර කර හිටියා... 

හෙමීට හෙමීට ලෙවල් එක දෙක් අප් වෙද්දි ගේම් එකෙ පොඩි ගතියක් තියනවා කියල තේරුණා..ටික දවසක් යද්දි තේරුණා මේකෙ තමන් ඉන්න පිල ඇතුලේ ලොකු community එකක් තියනවා කියලා.එයාල ඔක්කොම එකතු වෙලා මේක සෙල්ලම් කරන්නෙ කියලා තෙරුණා..මගේ ජීවිතෙ ගහපු සුපිරිම ගේම් එකක්.දැනෙන්න සෙල්ලම් කරපු ගේම් එකක්...


මමයි මගේ යාලුවෝ දෙන්නමයි Resistance.මම ඔයාලට කියන්නෙත් Resistance පිල තෝරගන්නවනම් තෝරගන්න කියලා..

පල්ලෙහා තියනවා ගේම් එක Download කරගන්න ඕන ලින්ක් ටික



ඔයාලා තෝරගත්ත ටීම් එක අනුව ඔයාට ඕන කරන guiding එක මෙතනින් ගන්න පුලුවනි
https://support.ingress.com/hc/en-us



Ingress ලෝකයෙන් මුණගැසෙමු. මම යොහාන් ( HaSh97 )




වැඩි කතා ඕන නැහැ ගේමට බහිමු.

මෙච්චරයි කරන්න තියෙන්නෙ.

මම ලින්ක් 4ක් දීලා තියෙනවා එවාට ගිහින් ඒ තියෙන විදිහටම step ටික පිලිපදින්න.
 මේලින්ක් වලට පිලිවෙලින් යන්න.

1st Link (click here)
2nd Link (click here)
3rd Link (click here)
4th Link (click here)


Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.