ඇන්ඩ්‍රොයිඞ් සඳහා හොදම photo editing apps
ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයක් ඔබ සතුව පවතිනවා නම් එය ඔබේ ඡුායාරූප සුරක්ෂිතව තබා ගැනීමට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි. ඇන්ඩ්‍රොයිඞ් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය වීමත් සමග සාමාන්‍ය තත්වයේ ඩිජිටල් කැමරා වල අලෙවිය අඩු වීමටද මෙය එක් හේතුවක්. සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් කරන කාර්‍යයෙන් ඔබ්බට ගිය සේවාවක් ඇන්ඩ්‍රොයිඞ් හරහා සිදු කර ගත හැකි වීම මෙයට එක හේතුවක්. අතීතයේ නම් ෆොටෝ එකකට අලූතින් යමක් එකතු කිරීමට, වර්ණ වෙනස් කිරීමට භාවිතා කරේ photoshop මෘදුකාංගය. නමුත් ඒ සදහා අවම වශයෙන් මූලික දැනුමක් හෝ අවශ්‍යයි. නමුත් ඔබ ඇන්ඩ්‍රොයිඞ් ස්මාට්ෆෝන් එකක් භාවිතා කරනවා නම් ඔබේ ඡුායාරූප වලට අලූත් දේ එකතු කරන්න වද විය යුතු නෑ. ඡුායාරූපකරණයට හොදම ඇන්ඩ්‍රොයිඞ් ඇප්ස් කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
1. Pixlr Express
ඇන්ඩ්‍රොයිඞ් ලෝකයේ photo editing සඳහා ජනප‍්‍රියම ඇප් එකක් ලෙස මෙය හදුන්වන්නට පුලූවන්. ඉතා විශාල effects සංඛ්‍යාවක් පැවතීම සහ අක්ෂර, ස්ටීකර් ද මෙමගින් ඇතුලත් කිරීමට හැකි වීම මෙහි විශේෂත්වයක් වෙනවා. කිසිදු මූලික දැනුමකින් තොරව තත්පර කිහිපයක් ඇතුලත ඔබේ ඡුායාරූප වලට අමතර අලංකාරයක් එක් කිරීමට මෙම ඇප් එක හරහා පුලූවන්. පහත සබැඳියෙන් මෙම ඇප් එක නොමිලේම බා ගැනීමට පුලූවන්.
2. Cymera
කැමරාවක මෙන්ම ඡුායාරූප සංස්කරණ මෘදුකාංගයක අන්තර්ගත බොහෝ සේවාවන් මෙම ඇප් එක තුල පවතිනවා. ඡුායාරූපයක් ගැනීමේදී කැමරාවෙන් සිදු කරන සැකසුම්, filters වැනි දේ ඇතුලත් කිරීමද මෙම ඇප් එක හරහා පුලූවන්. පහත සබැදියෙන් මෙම ඇප් එක බාගන්න.
3. Photo Editor
වර්ණ සැකසුම් ඇතුලූ බොහෝ සැකසුම් මෙම ඇප් එක හරහා පහසුවෙන් සිදු කිරීමට හැකියාව තිබෙනවා. ඡුායාරූප වල විස්තර කියවෙන දත්ත පවා මෙමගින් වෙනස් කිරීමට පුලූවන්.
4. snapseed
පරණ ආකාරයේ වර්ණ එකතු කිරීම හා ඉෆෙක්ට්ස් එකතු කිරීමට මෙම ඇප් එක ගොඩක් ප‍්‍රයෝජනවත් වෙනවා. ඔබේ ඡුායාරූප වල ගුණාත්මක භාවය වැඩි කිරීමට මෙම ඇප් එක විශාල උදව්වක්. පහත සබැදියෙන් මෙම ඇප් එක බා ගැනීමට පුලූවන්.
5. Photo Editor by Aviary
ඉතාම ජනප‍්‍රිය මෙන්ම සේවාවෙන් ඉතා උසස් හොදම ඇප් එකක් තමා මේක. ඡුායාරූපයකින් අවශ්‍ය කොටස කපා වෙන් කර ගැනීමට, විනෝදාත්මක ඉෆෙක්ට්ස් එකතු කිරීම ආදියට කදිම ඇප් එකක් ලෙස හදුන්වන්න පුලූවන්. පහත සබැදියෙන් මෙය බා ගැනීමට පුලූවන්.
6. Camera360 Ultimate
ස්වභාවික වර්ණ ලබා ගැනීමට මෙන්ම ඡුායාරූප අලංකරණය සඳහා ඉතා වටිනා ඇප් එකක්. විවිධ වර්ගයේ කැමරාවන් ලෙස භාවිතා කිරීමේ හැකියාවක්ද සහිතයි. මෙම ඇප් කිහිපය අතරින් හොදම ඇප් එකක් ලෙස මෙය හදුන්වන්න පුලූවන්. පහත සබැදියෙන් මෙම ඇප් එක බාගන්න පුලූවන්.
ඡුායාරූප සංස්කරණය සඳහා කිසිදු මූලික දැනුමකින් තොරව භාවිතා කළ හැකි ඇප් කිහිපයක් මෙහිදී ඉදිරිපත් කරා. මීට අමතරව ප‍්‍රයෝජනවත් ඇප්ස් ඔබ භාවිතා කරනවා නම් පහතින් comment කරන්න.
සුබ දවසක්..!!
I am anupama