විනිවිද පෙනෙන displays නම් අලුත් දෙයක් නෙමෙයි. අනාගත තාක්ෂණය සංකේතවත් කිරීමට බොහෝ sci-fi චිත්‍රපටි වල සහ TV වැඩසටහන් වල විනිවිද පෙනෙන displays යොදා ගන්නවා. 

වසර කීපයක පටන් Samsung සහ Planar වැනි සමාගම් මේ තාක්ෂණය විවිධ ආකාරයෙන් යොදා ගෙන තම නිෂ්පාදන එලි දැක්වුවා. නමුත් අපේ එදිනෙදා ජීවිතයට නම් තවමත් මේ නිෂ්පාදන එකතු වෙලා නැහැ. දැනට නිෂ්පාදකයන්ද නිවාස ආශ්‍රිත පාරිභෝජනය පසකලා ව්‍යාපාර සදහා මෙම නිෂ්පාදන එළිදැක්වීම මෙයට එක හේතුවක්.


Samsung සමාගම පසුගියදා අඟල් 55 displays දෙකක් හදුන්වා දුන්නා. මෙම විනිවිද පෙනෙන display දෙකම Full HD (1920x1080px) වන අතර මෙය තවත් නවතම අංග රැසකින් සමන්විතයි. ඒ අතර gestures වලට සහ කටහඩට සංවේදී වීම, Intel හි RealSence තාක්ෂණය යොදා ගනිමින් අවට සිටින පුද්ගලයින් හදුනා ගැනීමටද හැකි වීම ප්‍රධාන තැනක් ගන්නවා. මෙය නව ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට රුකුලක් වේවී. Samsung සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ තවත් අරමුණක් තමයි මේ නිෂ්පාදන මහජන තොරතුරු පද්ධති සහ පොදු ප්‍රවාහන සේවයෙහි ගුණාත්මකභාවය වැඩි කිරීමට යොදා ගැනීම.


ඔවුන් මෙදිනම හදුන්වා දුන් දෙවැනි display එකත් OLED තාක්ෂණය යොදා ගන්නවා. නමුත් මෙම display එක පරාවර්තන පෘෂ්ඨයකින් සමන්විතයි. මෙමගින් මෙම display එක යෝධ කැඩපතක් බවට පත් කරනවා. Samsung සමාගම පවසන්නේ මෙය virtual fitting room ලෙසද යොදා ගත හැකි බවයි. මන්දයත් මෙම display එකේ දර්ශනය වන ඇදුම් ඇත්තටම අදින්නේ නැතුව ඔබට සුදුසුද යන්න පරීක්ෂා කර ගත හැකි වීමයි. තවද Samsung සමාගම Chow Sang Sang jewelry සමාගම සමග එක්ව ප්‍රථම virtual necklace එක සකසා තිබෙනවා. 




මෙමගින් පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් මෙම පලදනාවන් තමාට ගැලපේද යන්න display එක දිහා බැලීමෙන් පරීක්ෂා කර ගන්න පුළුවන්. අනාගතයේදී නිවාස වලද සාමාන්‍යය කැඩපත් වෙනුවට මෙම mirror displays භාවිතා කෙරෙනු ඇත. කෙසේවෙතත් තවමත් Samsung සමාගම මෙම නිෂ්පාදන වල මිල ගණන් හෝ වෙළඳ පොලට නිකුත් කරන දින පිළිබද කිසිවක් ප්‍රකාශ කර නැහැ.


Related Posts:

  • Best Hidden Android Secret Codes 2015 Android Secret Codes Here is list of top and best latest Best Android Secret Codes Android device is very smart and intelligent. You find lots of secrets in android device. Here With these android s… Read More
  • අන්තර්ජාලයෙන් මුදල් හොයමුද?100% විශ්වාසයි. දැක්ක්ම දුවන්න එපා පොඩ්ඩක් ඉන්න මේක බලලම ඉන්නකෝ වෙන එවා වගේ නෙමේ කරල බැලුවම ඔයාලටම තේරෙවි වෙන එවා වගෙද මේක කියලා. මෙන්න ලින්කුව මෙතනින් ගිහින් ඉක්මනට රෙගිස්ටෙර් වෙන්න … Read More
  • How To Overclock Android To Boost Performance How To Overclock Android To Boost Performance Time to boost up your android performance by overclocking CPU performance than maximum limit oday there are more than billions of people that are using android these days. A… Read More
  • Clash Of Clan හැක් කරමුද?                                     Clash Of Clan හැක් කරමුද? Clash Of Clan Mod COC Mod Apk 2016 ඔන්න ඉතින් දැන් කියන්න හදන… Read More
  • How To See Someone’s Hidden Friends On Facebook How To See Someone Hidden Friends On Facebook With more than billions of user facebook is one of the biggest social media network. In this network there are billions of user profiles and all users have lots of friends in … Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.