• 3:08:00 PM
  • Anonymous

තවම Ingress ගැහුවෙ නැද්ද..?  නැත්නම් මේ සුපිරි ගේම් එක ගැන අහුවෙත් අද ද..? Pokémon Go අහලා තියනවා නේද...ඔව් අන්න ඒ වගෙ ගේම් එකක් තමයි මෙන්න මේක..හැබැයි මේක Pokémon Go වලට වඩා පරණයි.ගේම් දෙකේම නිර්මාතෘ එකම කම්පැණි එකක්.ඒ තමයි Niantic Labs.ගේම් එක මුලින්ම රිලීස් උනේ 2012 දි.
මේක ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනවා.

මේක Real World Reality Game ගේම් එකක්.සරලවම කිව්වොත් GPS පාදක උනු ගේම් එකක්..GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න..


විස්තර කරනවට වඩා මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්නොකෝ..

මේකයි කතාව,පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ තැන් වලින්ලු. ඒව හදුන්වන්නේ Portals කියලා. ඒව හොඳයි ඒකෙන් මිනිසා දියුණු වෙනව කියල විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නව. එයාලට කියන්නෙ Enlightened කියල. ඒකට විරුද්ධ, ඒක අනතුරුදායකයි කියන තව කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ Resistance කියල. 

ඉතින් ගේම් එකේදි කරන්න තියෙන්නෙ මේ පිල් දෙකෙන් එකක් ඔයාලත් තෝරාගෙන ඒ පිලේ අභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරන එකයි. මුලු ලෝකෙටම තියෙන්නේ පිල් දෙක නිසා තමන්ගේ පිල වෙනුවෙන් සටන් කරන්න ලෝකයෙ ගොඩක් රට වල අය ඉන්නවා..

මේ වීඩියෝ එකෙනුත් ඔයාලට මේ සුපිරි ගේම් එක ගැන් අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.



අර කිව්ව Portals තමන්ගෙ පිලට නතු කර ගැනීම, ඒවා පවත්වාගෙන යාම, විරුද්ධ පිලේ Portals වලට පහර දීම, එවා අල්ලා ගැනීම සිට තව ලොකු වැඩ තියෙනව. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සෙල්ලම් කරන්න ඕනෙ ගේම් එකක්. හැමෝම එකතු වෙලා මේ ගේම් එකේ කරන්න තියන වැඩ කෝටියයි.
හැබැයි මේක ගහනව නම් ඒ ඒ තැන් වලට යන්නම ඕනෙ. ඒ කිව්වෙ Portals වලට පහර දෙන්න, අල්ලා ගන්න, ඒක තියෙන තැනට යන්නම ඕනෙ. 
ලංකාවේ තවම එතරම්ම ජනප්‍රිය නොවුනත්, ලෝකය පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය හා ව්‍යාප්ත වෙමින් පවතින ගේම් එකක්. ලංකාවේ නම් කොළඹ , නුවර අවට ගේම් එක සෑහෙන්න ජනප්‍රියයි, නමුත් ඉන් පිටත අඩු Portals ගණනක් තමයි තවමත් හැදිල තිබෙන්නෙ..


මුලින්ම මගේ යාලුවො දෙන්නා මේ ගේම් එක ගහද්දි මන් කරේ බැන බැන පස්සෙන් ගියපු එක.ග්‍රැෆික් මදි/මෙලෝ රහක් නෑ/ජරාවක්..ඔය වගේ කුණු කතා කිය කිය මමත් උන් ගේම් එක ගහනවා බලන් හිටියා..ටික දවසක් ගිහින් මට බලෙන්ම වගේ ගේම් එක දාල දුන්න.හයක් හතරක් නොතේරෙන පොඩි එකෙක් වගේ උන් කියන විදියට කර කර හිටියා... 

හෙමීට හෙමීට ලෙවල් එක දෙක් අප් වෙද්දි ගේම් එකෙ පොඩි ගතියක් තියනවා කියල තේරුණා..ටික දවසක් යද්දි තේරුණා මේකෙ තමන් ඉන්න පිල ඇතුලේ ලොකු community එකක් තියනවා කියලා.එයාල ඔක්කොම එකතු වෙලා මේක සෙල්ලම් කරන්නෙ කියලා තෙරුණා..මගේ ජීවිතෙ ගහපු සුපිරිම ගේම් එකක්.දැනෙන්න සෙල්ලම් කරපු ගේම් එකක්...


මමයි මගේ යාලුවෝ දෙන්නමයි Resistance.මම ඔයාලට කියන්නෙත් Resistance පිල තෝරගන්නවනම් තෝරගන්න කියලා..

පල්ලෙහා තියනවා ගේම් එක Download කරගන්න ඕන ලින්ක් ටික



ඔයාලා තෝරගත්ත ටීම් එක අනුව ඔයාට ඕන කරන guiding එක මෙතනින් ගන්න පුලුවනි
https://support.ingress.com/hc/en-us



Ingress ලෝකයෙන් මුණගැසෙමු. මම යොහාන් ( HaSh97 )



Related Posts:

  • Best Video Editing Apps For Android Best Video editing Apps For Android Techviral Time to download the best video editing apps in your android to make any video perfect according to you n android you must keep on capturing some videos to make them memor… Read More
  • How To Overclock Android To Boost Performance How To Overclock Android To Boost Performance Time to boost up your android performance by overclocking CPU performance than maximum limit oday there are more than billions of people that are using android these days. A… Read More
  • HTC One M9s – Specifications,Look & Price HTC One M9s - Specifications,Look & Price HTC One M9s – Specifications, Look & Price The Producer of both android and Windows smartphone HTC had decided to launch the enhanced modification of the phone HTC On… Read More
  • Best Video Editing Apps For iPhone Time to download the best video editing apps in your iPhone to make any video perfect according to you n iPhone we sometime need to edit some videos and at that time you need some cool apps that let you to tha… Read More
  • Huawei Next Superphone with Unique Technology by 2020 Huawei Next Superphone with Unique Technology By 2020 By the time of 2020, Huawei will introduced its new generation of smartphone which will be called as SuperPhone, the technology will be very vast. China’s telecom… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.