අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට ලොකු ප්‍රශ්ණයක්. ඒත් මේ වෙනකොට ටර්කි රටේ 42 හැවිරිදි Celal Göger නම් පුද්ගලයා මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයාගෙන.
ජංගම දුරකථනයේ භාවිත කරන කෙනාට විතරක් ජංගම දුරකථනයේ තිරයේ ඇති දේවල් දිස්වෙන ආකාරයේ අපූරු ගැජට් එකක් මේ පුද්ගලයා නිර්මාණය කරලා. ඔහු කියන විදියට එයා බස් එකේ යද්දි තමන්ගේ ඊමේල් පණිවිඩ බලන අතරේ වටේ ඉන්න අය තමන්ගේ තිරය දිහා බලාගෙන ඉන්න විදිය දැකපු ඔහු මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයන්න පටන් අරගෙන. ඉතින් වෘත්තියෙන් ජංගම දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙක් වූ ඔහු තමන්ගේ අලුත්වැඩියා මධ්‍යස්ථානයට ගිහින් මේ නිර්මාණය කරන්න පටන් අරගෙන.
ඒ අනුව ඕනෑම ජංගම දුරකථනයක්, ටැබ්ලට් උපකරණයක් හෝ ලැප්ටොප් පරිගණක තිරයක් සම්පූර්ණයෙන්ම සුදු පැහැ කර විශේෂ ඇස්කණ්නාඩ් යුගල පැළඳ ඇති පුද්ගලයාට පමණක් එම තිරයේ ඇති දේ නැරඹීමට හැකියාව ලැබෙනවා. ඔහු විසින්ම ක්‍රමලේඛගත කර ඇති විශේෂ චිපයක් ජංගම දුරකථනයට සම්බන්ධ කිරීමෙන් තිරය සුදුපැහැ බවට පත්කරන අතර බ්ලූටූත් හරහා ජංගම දුරකථනය සමඟ සන්නිවේදනය කරන ඇස්කණ්නාඩි යුගලට සම්බන්ධ කර ඇති තවත් චිපයක් මඟින් තිරයේ මත ඇති දේ නැවත නිවැරදි තත්වයට පරිවර්ථනය කරනු ලබයි.

මේ අපූරු ගැජට් එක සඳහා $10කටත් අඩු මුදලක් පමණක් වැයවන අතර කුඩා තිරයක සිට රූපවාහිනී තිරයක් දක්වා ඕනෑම තිරයක් සඳහා සඳහා සහාය දක්වයි. මේ වන විට ඔහු සිය නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන අතර නුදුරේදීම මහා පරිමාණයෙන් නිෂ්පාදනය සඳහා නිකුත් කෙරෙනු ඇත.


Related Posts:

  • තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අලුත්ම භාණ්ඩේ අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට ලොකු ප්‍රශ්ණයක්. … Read More
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල music player එක.. මේක ලංකාවේ මෘදුකාංග ඉතිහාසයේ ලොකු පිම්මක්. ඇත්තටම හැම දේම බෑ බෑ කිව්වට දැන් දැන් ලංකාවෙත් තාක්ෂණය දියුණු වෙනවා අලුත් දේ හොයාගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවයක් sltricks.com අපෙන් සුභ පැතුම් ඒ අයට.  මේ mp3 player එකට ඔවුන්… Read More
  • Samsung unveils 55-inch transparent and mirrored OLED panels... විනිවිද පෙනෙන displays නම් අලුත් දෙයක් නෙමෙයි. අනාගත තාක්ෂණය සංකේතවත් කිරීමට බොහෝ sci-fi චිත්‍රපටි වල සහ TV වැඩසටහන් වල විනිවිද පෙනෙන displays යොදා ගන්නවා. වසර කීපයක පටන් Samsung සහ Planar වැනි සමාගම් මේ තාක්ෂණය විවි… Read More
  • Facebook (Head Office) මුලස්ථානයේ ඇතුලාන්තය හා එදා සහ අද Facebook... සුභ දවසක් හැමෝටම  අද කියන්න යන්නේ ලෝකයක් බාවිතා කරන facebook social මුලස්ථානයේ ඇතුල් පැත්ත ගැන. අද වෙනකොට facebook සමාජ web අඩවියේ නැති කෙනෙක් නැති තරම්, ඉතින් facebook බාවිතා කලාට එහි ඇතුල් පැත්ත කවුරුත් දන්… Read More
  • අයිෆෝන් 8 ලෝකේ වේගවත්ම ජංගම දුරකතනය බවට පත් වෙයි                         ඇපල් ආයතනය සියලුම තරගකරුවන් අභිබවමින් ලෝකයේ වේගවත්ම ජංගම දුරකතනය බවට පත් වෙයි.නව Iphone මාදිලිය A11 Bionic chip සමඟ පැමිනීම නිස… Read More

Welcome

Welcome

Categories

Blog Archive

Powered by Blogger.